ඕස්ට්‍රේලියාවේ දැවැන්ත ජෛව ආරක්ෂණ මෙහෙයුමකින් මියගිය කැස්බෑවන් අත්අඩංගුවට

Australia
By Sithumi Apr 04, 2023 03:04 PM GMT
Sithumi

Sithumi

Report

ඕස්ට්‍රේලියාවේ දැවැන්ත ජෛව ආරක්ෂණ මෙහෙයුමකින් මියගිය කැස්බෑවන් විශාල ප්‍රමාණයක් සොයාගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. 

  නම් කර තිබෙන්නේ ඕස්ට්‍රේලියාව ලෝකයේ දැඩිම ජෛව ආරක්ෂණ නීති පද්ධතියක් ඇති රටක් ලෙසයි. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඒවා කඩ කිරීම සඳහා වන දඬුවම්වලට සිර දඬුවම් සහ ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 6.8 ($4.5; පවුම් මිලියන 3.7) දක්වා දඩ මුදල් ඇතුළත් වන බවයි. 

  මෙම වැටලීම ඕස්ට්‍රේලියාවේ විශාලතම ජෛව ආරක්ෂණ අනාවරණයන්ගෙන් එකක් බවයි එරට කෘෂිකර්ම අමාත්‍ය මරේ වොට් ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කරේ. 

 ජෛව ආරක්ෂණ අධ්‍යක්ෂ Andrew Metcalfe ප්‍රකාශ කළේ රට තුළට රෝග සහ පළිබෝධකයන් හඳුන්වා දීමේ අවදානමක් ඇති කළ හැකිව තිබූ නැව්ගත කළ බහාලුම්වල කිහිපයක් ජෛව ආරක්ෂණ අංශය භාරයට ගත බවයි. 

 විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසියේ සහාය ඇතිව ප්‍රාන්තය පුරා අනෙකුත් ස්ථාන වල තවත් වැටලීම් කිහිපයක්ද කර ඇති බවයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now