ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ගැන රජයේ තීරණයට එරෙහිව වෘත්තීය සමිති දැඩි තීරණයක
By Sithumi
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෞද්ගලීකරණය කිරීමේ තීරණයට එරෙහිව ඉදිරියේදී දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ඛනිජ තෙල් පොදු සේවක සංගමය පවසනවා.
එම සංගයේ සභාපති අශෝක රංවල මහතා කියා සිටියේ අදාළ වෘත්තීය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඛනිජතෙල් වෘත්තීය සමිති අද (25) පස්වරුවේ සාකච්ඡාවක් ද පැවැත්වූ බවයි .
එමෙන්ම ලබන සතියේ යළිත් සිය වෘත්තීය සමිති රැස් වී අදාළ ක්‍රියාමාර්ග ගනු ලබන දිනයන් පිළිබඳ එකඟතාවකට පැමිණෙන බව ද ඔහු සඳහන් කළා.
