39 වසරකට පසුව කසල ටැක්ටර් රථයේ රියැදුරු සේවයෙන් විශ්‍රාම ගිය අයුරු

By Sithumi Jan 31, 2023 03:52 PM GMT
Sithumi

Sithumi

Report

 Iඅඹගමුව, මස්කෙලිය සහ නොර්වුඩ් යන ප්‍රාදේශිය සභාවල වසර 39 ක කාලයක් කැලි කසල එක්රැස් කරන ටැක්ටර් රථයේ රියදුරා තම ටැක්ටරයට වැද නමස්කාර කර ටැක්ටරයේ යතුර නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ ලේකම්වරයා වෙත භාරදෙන අයුරු අප නෙත් නිවුස් වාර්තාකරුගේ කැමරාවේ සටහන් වුවා.

නොර්වුඩ් බගවන්තලාව මාර්ගයේ පදිංචි ඔහු z යු.කනගරත්නම්ය. තිදරු පියෙක් වන අතර ඔහු මිට වසර 39 කට පෙර අඹගමුව ප්‍රාදේශිය සභාවේ ටැක්ටර් රියදුරෙකු වශයෙන් සේවයට බැදි තිබෙනවා. යු.කනගරත්නම් මහතා කියා සිටියේ එවකට අඹගමුව ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ තිබු එකම ප්‍රාදේශිය සභාව අඹගමුව ප්‍රාදේශිය සභාව බවත්, ඉන් වැඩි කාලයක් ශ්‍රි පාදස්ථානය කෙන්ද්‍ර කර ගනිමින් ශ්‍රි පාද හැටන් මාර්ගයේ එකතු වන කැලි කසල සහ ඝන අපද්‍රව්‍ය තම ටැක්ටර් රථයෙන් කැලි කසල අංගණය වෙත එක්රැස් කර බැහැර කිරිමේ සේවයේ යෙදි සිටි බවයි. 

 පසුව මස්කෙලිය සහ නොර්වුඩ් ප්‍රාදේශිය සභා ස්ථානපනය කිරිමෙන් අනතුරුව තමන් මස්කෙලිය ප්‍රාදේශිය සභාවේ කෙටි කාලයක් සේවය කල බවත්, ඉන් අනතුරුව නොර්වුඩ් ප්‍රාදේශිය සභාව සමග එක්වි සෞඛ්‍ය අංශ සේවකයින් සමග විශ්‍රාම ලබා ගන්නා තුරුම කැලි කසල බැහැර කරන ටැක්ටර් රථයේ රියදුරා වශයෙන් සේවය කල බවයි යු.කනගරත්නම් මහතා කියා සිටියා. 

 වසර 39 ක් ටැක්ටර් රථ රියදුරෙකු වශයෙන් සේවය කල තමන් කිසිදු රිය අනතුරුක් හෝ මාර්ග නිති උල්ලංඝනය කිරිමක් සිදු නොකල බවත්, තමන් පැවරුණු රාජකාරිය තමන් උපරිම අයුරින් සිදු කල බවත්, එම සේවා කාලයේදි ශ්‍රි පාද පුද බිම කෙන්ද්‍ර කරගනිමින් තම සේවය උපරිම අයුරින් දැඩි කැපවිමකින් සිදු කල බවයි යු.කනගරත්නම් මහතා කියා සිටියේ. 

 වසර 39 කාලයක් ටැක්ටර් රථ රියදුරෙකු වශයෙන් සේවය කල යු.කනගරත්නම් මහතා අද (31) දින සේවයෙන් විශ්‍රාම ගන්නා අවස්ථාවේ නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ ලේකම් ඇතුළු නිලධාරින් ඔහුගේ විශ්‍රාම දිවියට සුභ පැතුම් එක් කර සමුහ ඡායාරුපයකට පෙනි සිටියා.