අද මධ්‍යම රාත්‍රියේ සිට මත්පැන් හා සිගරට් බදු මිල ඉහළට..

Sri Lanka Excise Department of Sri Lanka
By Sithumi Jan 03, 2023 11:59 AM GMT
Sithumi

Sithumi

Report

මධ්‍යම රාත්‍රියේ සිට වයින් බියර් ඇතුළු සියලුම මත්පැන් වර්ග සඳහා වන නිෂ්පාදන බද්ද සියයට 20 කින් හා 2023 පළවෙනි පලවෙනි මාස 1 සිට ක්‍රියාත්මක වන පරිදි සිගරට් බද්ධ බද්ද සියයට 20 කින් ඉහළ දමා ඇති බව මුදල් අමාත්‍යංශය නිවේදනය කර තිබේ.

ඒ අනුව රුපියල් 90ක්ව පැවති දුම්වැටියක නව මිල රුපියල් 105ක් වනු ඇති බවට අපේක්ෂා කෙරේ. තවද රුපියල් 85ක්ව පැවති දුම්වැටියක නව මිල රුපියල් 100ක් වනු ඇති.

රුපියල් 70කට පැවති දුම්වැටියක නව මිල රුපියල් 80ක් දක්වා ඉහළ යනු ඇති. රුපියල් 60කට පැවති දුම්වැටියක නව මිල රුපියල් 70ක් දක්වා ඉහළ යනු ඇති බවටද අපේක්ෂා කෙරේ. 

 මේ අතර මිලිමීටර් 60ට නොවැඩි, රුපියල් 15කට පැවති දුම්වැටියක් රුපියල් 24ක් දක්වා මිල ඉහළ නැංවෙනු ඇති බවද වාර්තා වෙයි. 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now