ගෙදර අයට බොරු කියා මුහුදේ නාන්න ගිය සිසුවියන් දෙදෙනෙකු මියයයි..

Sri Lanka Accident
By Sithumi Jan 01, 2023 02:38 PM GMT
Sithumi

Sithumi

Report

මාතර වෙරළතීරයේ දිය නෑමට ගිය ළමුන් දෙදෙනෙකු සැඩපහරට හසුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.  

17 හැවිරිදි වියේ පසුවූ මාතර අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති අතර සිව්දෙනෙකු දියනෑමට ගොස් ඇති බවත් ඉන් දෙදෙනෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවත් පොලීසිය පැවසුවා. 

  උපකාරක පන්තිවලට සහභාගීවන බව පවසා ඔවුන් සිය නිවෙස්වලින් පැමිණ ඇති බවට මූලික විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී තිබෙනවා. 

   මාතර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now