පරිස්සමෙන් ඉදිරි දින තුන ගැන ඇහෙන භයානක කතාව...

By Sithumi Aug 30, 2022 03:10 PM GMT
Sithumi

Sithumi

Report

ඉදිරි දින දෙක තුළ ඇතැම් ගංගා ආශ්‍රිතව ගං වතුර අවධානමක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් පූර්ව ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 

   කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පුරෝකථන අනුව ඉදිරි දින දෙක තුළ ඇතැම් ප්‍රදේශවලට තද වැසි ඇතිවන බැවින් අත්තනගලු, කළු, කැළණි, ගිං, නිල්වලා සහ මහවැලි යන ද්‍රෝණිවලින් එකක හෝ කිහිපයක ගංවතුර තත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 

 එබැවින් එම ගංගා ද්‍රෝණි අසල පදිංචි ජනතාව ඉදිරි දින කිහිපයේදී ඇතිවිය හැකි ගංවතුර තත්ත්වයන් පිළිබඳව අවධානයෙන් සිටිය යුතු බව වාරිමාර්ග අධ්‍යක්ෂ (ජලවිද්‍යා සහ ආපදා කළමනාකරණ) ඉංජිනේරු එස්.පී.සී සුගීෂ්වර මහතා පැවසීය