නව වැඩ බලන අගවිනිසුරු ධූරය හිමිවූ කෙනා...

By Sithumi Oct 07, 2022 01:15 PM GMT
Sithumi

Sithumi

Report

ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු ජනාධිපති නීතිඥ බී.පී.අලුවිහාරේ මහතා අගවිනිසුරු ධුරයේ වැඩ බැලීම සඳහා පත් කිරීමට පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය පළවිය.

අගවිනිසුරු, ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතා අද (08) දින සිට ලබන 13 වැනි දා දක්වා විදේශගත වන හෙයින්ඒ කාලසීමාව තුළ එම ධූරයේ වැඩ බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනාධිපති නීතිඥ බී.පී. අලුවිහාරේ මහතා පත් කිරීමට ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශයට පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය මෙසේ පළවිය 

 එමෙන්ම,විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පී.ජේ.කේ. එස්.ඩබ්ලිව් වික්‍රමසිංහ මහතා අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ සාමාජික තනතුරක පුරප්පාඩුව සඳහා පත්කිරීමට පාර්ලිමේන්තු සභාව ජනාධිපතිවරයාට නිර්දේශ කර ඇත. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු සභාවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ අමාත්‍ය ඩග්ලස් දේවානන්ද යන මහත්වරුද සහභාගී වූහ.