ශ්‍රී ලංකාවට සහන ලැබිය යුතු බවට ජාත්‍යන්තරය කියයි..

By Sithumi Oct 11, 2022 11:29 AM GMT
Sithumi

Sithumi

Report

දැඩි ණය අර්බුදය හේතුවෙන් කඩිනම් සහන සැපයිය යුතු රටවල් 05 අතර ශ්‍රී ලංකාවද සිටින බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන පවසයි. මේ අතර ලොව දරිද්‍රතාවයෙන් බැටකන කලාප තවත් අර්බුදවලට මුහුණදීමට ඉඩ ඇති බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන විසින් නිකුත් කර ඇති එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

ඔවුන් අද (11) නිකුත්කළ අලුත්ම වාර්තා වේ සඳහන් වන්නේ ලොව රටවල් 54ක් පමණ ඒ හේතුවෙන් අර්බුදවලට මුහුණදෙමින් ඇති බවය. ලොව දරිද්‍රතාවයෙන් බැටකන ජනතාවගෙන් අඩකට වඩා එම රටවල්වල ජීවත් වෙති. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන පවසන්නේ එම ජනතාවට කඩිනමින් ණය සහන අවශ්‍ය බවය. නැතහොත් ඔවුන් තවත් දුප්පත් විය හැකි බවත් ඔවුන් නිකුත්කළ එම වාර්තාවේ දැක්වෙයි