ඉදිරියේදි සැප වාහන තහනම් කරයි..? ඉන්ධන අර්බුදය නිසා සිදු කරන්න යන දේ
By Sithumi
ඇති වී තිබෙන උග්‍ර ඉන්ධන අර්බුදය කළමනාකරණය කිරීම සඳහා යම් යම් වාහන කාණ්ඩ ධාවනය තහනම් කිරීමට හෝ දැඩිව සීමා කිරීමට යෝජනා වී ඇත. මෙහිදී යතුරුපැදි සහ පාපැදි භාවිතය සදහා උනන්දු කරවීමටත් අධික ඉන්ධන පරිභෝජනයක් සහිත වැඩි ඉන්ධන ධාරිතාවකින් යුතු වාහන සීමා කිරීමටත් යෝජිතය.
පොදු ප්‍රවාහන සේවා සහ භාණ්ඩ ප‍්‍රවාහන රථ සදහා සීමා කිරීමක් නොකර ඉන්ධන සැපයීමටද යෝජනා වී ඇත. පාපැදි යතුරුපැදි වැඩි වශයෙන් භාවිතයෙන් ඉන්ධන වැඩි ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමට හැකි බව ඔවුන්ගේ අදහසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |