තවත් පිරිසකට මාසික දීමනාවක්

sri lanka Educations pre school first education
By Sithumi Jun 17, 2021 01:50 PM GMT
Sithumi

Sithumi

Report

පෙර පාසල් ගුරුවරුන් සදහා රුපියල් 2500 මාසික දීමනාවක් ලබාදීමේ ගුරු අභිමානී ජාතික උත්සවය අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

ඒ අරලියගහ මන්දිරයේදීයි. මෙහිදී අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ පෙර පාසල තරගකාරී අධ්‍යාපනය ලබාදෙන තවත් එක් පාසලක් බවට පත් නොකළ යුතු බවයි. දරුවන්ට පරිසරය විදීමට ඉඩ දෙන්නැයි අග්‍රාමාත්‍යවරයා එහිදී ඉල්ලීමක් කළා.

සෞභ්‍යාගයේ දැක්ම අනුව දිවයිනේ සෑම නිලධාරි කොට්ඨාශයකම ස්ථාපිත කෙරෙන සෞභ්‍යාගයේ පෙර පාසල සදහා රුපියල් ලක්ෂ 25 ක මුදල් ප්‍රදානය කිරීමද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී සංකේතාත්මක සිදුකෙරුණා


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  
Join now