12 හැවිරිදි සිසුවිය ගැබිණියක් කළ 32 එක්දරු පියා අත්අඩංගුවට
ඕමන්ත කුංචුකුලම් ප්රදේශයේදී 12 හැවිරිදි පාසල් සිසුවියක අපයෝජනය කළ බව කියන 32 හැවිරිදි ඇගේ ඥාති පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙයි
වවුනියාව ඕමන්ත කුංචුකුලම් ප්රදේශයේ වාසය කළ මෙම සිසුවය හදිසියේ ඇති වූ රෝගාබාධයක් හේතුවෙන් ඊයේ (26) වව්නියාව මහ රෝහලට ඇතුළත් කර තිබූ අතර එහිදී අනාවරණයවී ඇත්තේ ඇයඅ මාස හතරක ගැබිනියක් බවයි.
ඒ අනුව මේ ගැන සොයා බලන ලෙස රෝහල මගින් සිද්ධිය සම්බන්ධයෙන් ඕමන්ත පොලිසියට දන්වා ඇත. මේ සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කරන ලද අතර, පසුවි සිසුවියගේ පාපොච්චාරණය මත මාතරපනික්කාර් වැව ප්රදේශයේ පදිංචි 32 හැවිරිදි එක්දරු පියෙකු අත්අඩංගුවට ගෙන තිබෙයි.
එම තැනැත්තා දැරියගේ ඥාතියෙකු බවද පවසා තිබුණි. දැරිය නිවසට ආ නිවාඩු දින ගණනාවක ඔහු දැරියගේ කැමැත්ත මත සම්බන්ධවූ බවත් ගැබ් ගැනීමක් සිදුවෙතැයි අපේක්ෂා නොකළ බවත් අදාළ පුද්ගලයා පවසා ඇත.
බාලවයස්කාර දැරියක අපහරණය සම්බන්ධයෙන් ඔහු උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් ඕමන්ත පොලිසිය පරීක්ෂණ පවත්වන අතර සිසුවිය වවුනියාව රෝහලට ඇතුළත් කර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |