කුවේට් හි රැඳී සිටි ලාංකිකයින් පිරිසක් දිවයිනට.

Report

 ශ්‍රී ලාංකික ගෘහ සේවක සේවිකාවන් 28දෙනෙකු කුවේට් රාජ්‍යයෙන් පිටුවහල් කර තිබෙනවා.

ඒ කුවේට් හි වීසා නොමැතිව දීර්ඝ කාලයක් නීතිවිරෝධී ලෙස රැඳී සිටීම හේතුවෙන්.

අද (27) දින උදෑසන 06.30 ට කටුනායක ගුවන් තොටුපළට මෙම පිරිස පැමිණ තිබෙනවා.

ඔවුන් මෙරටට පැමිණ තිබෙන්නේ කුවේට් රාජ්‍යයේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 230 දරන ගුවන් යානයෙන්ය.

ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණීම සදහා කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී සිටි පිරිසකි.

මෙම පිරිස ශ්‍රී ලංකාවට එවීමට කටයුතු කර තිබුණේ තානාපති කාර්යාල නිලධාරීන් එරට පොලිසිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අධිකරණය සමඟ එක්ව කටයුතු කිරීමෙනි.

පිරිස අතර ගෘහ සේවිකාවන් 24 දෙනෙකු සහ ගෘහ සේවකයින් 04 දෙනෙකු ද වනවා.

ගෘහ සේවිකාවන් අතර එක් ගර්භණී කාන්තාවක් ද වනවා.

අනුරාධපුරය , පොළොන්නරුව යන දිස්ත්‍රික්කවල ගෘහ සෙවල සේවිකාවන් පිරිසක් මෙලෙස දිවයිනට පැමිණ තිබෙනවා.