සංචාරක මග පෙන්නන්නෙකු 16 හැවිරිදි දරුවෙකු තිස්දහසකට ගායෙකුට විකුණයි...
තම නිවෙසේ සිට වෙළෙඳසලක් වෙත පා ගමනින් යමින් සිටි 16 හැවිරිදි දැරියක රුපියල් 30,000ක (තිස්දාහක) මුදලකට වෙනත් පුද්ගලයකුට විකිණු පුද්ගලයෙකු ඊයේ (14) තලාතුඔය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් පුද්ගලයා සංචාරක මඟපෙන්වන්නෙකු වන අතර 34 හැවිරිදි වියේ පසුවන උයන්වත්ත පොල්ගොල්ල ලිපිනයේ පදිංචිකරුවෙකි.
ඔහු ඊයේ (14) මහනුවර අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.
එම දැරිය රුපියල් තිස්දාහක මුදලකට ලබාගත් බව කියන මහනුවර මැණික්දිවෙල ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි ගායකයකු යැයි කියාගන්නා පුද්ගලයා මේ වනවිට රිමාන්ඩ් බන්ධනාගාරගත කර ඇත.
ඔහුට දැරිය විකුණු පුද්ගලයා පොලිස් ඇසට වැලි ගසමින් මෙපමණ දිනක් සැඟව සිට තිබුනා.
සංචාරක මඟ පෙන්වන්නා පොලිසියට පවසා ඇත්තේ මෙම දැරිය නුවර වැව රවුමේදී තමාට මුණගැසුණු බවත් ඇයට රැකියාවක් සඳහා නිවෙසක වැඩට ගෙනගොස් දුන් බවත්ය.
දැරිය ප්‍රකාශ කර ඇත්තේ තමා වෙළෙඳසලකට යමින් සිටියදී මොහු තමා හදුනන බව පවසා යතුරුපැදියේ නංවා ගෙන ගිය බවයි.
තලාතුඔය පොලිසිිය වැඩිදුර පරීක්ෂණ සිදුකෙරේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |