දිනෙන් දින ඉහල යන සහල් මිල මෙන්න ...
මහබැංකු දෛනික මිල වාර්තාවට අනුව සහල් මිල ගණන් දිනෙන් දින ඉහළ යමින් පවතිනවා.
ඒ අනුව පිට කොටුව තොග වෙළඳපොළෙහි පෙරේදා දිනය වනවිට රුපියල් 175ක මිලකට අලෙවිවූ නාඩු සහල් කිලෝවක් ඊයේ (25) වනවිට දැක්වුණේ රුපියල් 190ක් ලෙසයි.
එමෙන්ම පිටකොටුව තොග වෙළඳපොළේ පෙරේදා රුපියල් 178කට අලෙවි වූ රතු කැකුළු සහල් කිලෝවක් ඊයේ වනවිට රුපියල් 12කින් ඉහළ ගොස් රුපියල් 190 ක් ලෙස දැක්වුණා.
මරදගහමුල තොග වෙළඳපොළේ පෙරේදා රුපියල් 175කට තුළ අලෙවි වූ සුදු කැකුළු සහල් කිලෝවක් ඊයේ අලෙවි වූයේ රුපියල් 184කටයි.
පසුගිය පෙබරවාරි මස 25වන දිනය වනවිට පිටකොටුව තොග වෙලඳපොළ තුළ රුපියල් 156 ක්ව පැවති නාඩු සහල් කිලෝවක් මසක් ඇතුළත රුපියල් 34කින් සහ රුපියල් 157ක මිලකට අලෙවිවූ රතු කැකුළු සහල් කිලෝවක් මසක් ඇතුළත රුපියල් 33කින් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා.
මරඳගහමුළ තොග වෙළඳපොළේ පෙබරවාරි මස 25 වැනිදා වනවිට රුපියල් 143ක මිලකට අලෙවි වූ සුදු කැකුළු කිලෝවක් ඊයේ වන විට රුපියල් 184 දක්වා ඉහළ ගොස් තිබූ අතර, එම මිල වෙනස රුපියල් 41ක්.
ඒ අනුව පසුගිය සති කිහිපය තුළ සියලූ දේශීය සහල් කිලෝවක මිල රුපියල් 03 ත් 13 ත් අතර මිලකින් ඉහළ ගොස් ඇති අතර, ආනයනික සහල් කිලෝවක මිල රුපියල් 09 ත් 18 ත් අතර අගයකින් ඉහළ ගියේ ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන්.
මේ අතර ආනයනික නාඩු සහල් කිලෝවක් රුපියල් 110 ක මිලකටත්, ආනයනික පොන්නි සම්බා කිලෝග්‍රෑමයක් රුපියල් 130 බැගින් උපරිමය කිලෝග්‍රෑම් 5 ක ප්‍රමාණයක් පාරිභෝගික ජනතාවට ලබාදීමට සතොස මගින් නිකුත් කර ඇති චක්‍ර ලේඛයේ රෙගුලාසි කඩකරන සේවකයින්ට එරෙහිව විනය පරීක්ෂණ සිදු කරන බවයි.
සතොස නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා විසින් නිකුත් කර ඇති එම චක්‍රලේඛයේ දක්වා ඇත්තේ.
මේ අතර, මෙරට ආර්ථික දුෂ්කරතා සැළකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවට සහල් මෙට්‍රික් ටොන් 2,000 ක් පරිත්‍යාග කිරීමට මහජන චීන රජය තීරණය කර ඇති බව කොළඹ චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.
අභියෝග හමුවේ නොසැළෙන සැබෑ මිතුදම යන තේමාව යටතේ ශ්‍රී ලංකාවේ සහෝදර ජනතාව වෙත එම පරිත්‍යාගය සිදුකරන බවයි චීන තානාපති කාර්යාලය පළ කළ ට්විටර් පණිවුඩයේ දැක්වෙන්නේ.
සිය හැකියාව අනුව ශ්‍රී ලංකාවේ සංවර්ධනය උදෙසා අඛන්ඩව සහය වන බවට ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත ඊයේ(25) සහතික වූ බවද එහි වැඩිදුරටත් සඳහන්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න |