ප්‍රධාන නගරයක ලැගුම්හලක් වටලයි, සැකකරු විශ‍්‍රාමික පොලිස් නිලධාරියෙක්...
තඹුත්තේගම – තලාව ප‍්‍රධාන මාර්ගයේ, ඒරියාගම ප‍්‍රදේශයේ වසර දහයක පමණ කාලයක සිට පවත්වා ගෙන ගිය කාමර හයකින් සමන්විත ලැගුම් හලක් පරීක්ෂාවට ලක් කිරීමේදී කාන්තාවන් 5දෙනකු සමග නීතියේ රැහැනට හසු නොවන පරිදි ඉතා සූක්ෂම අයුරින් එය පවත්වා ගෙන ගිය විශ‍්‍රාමික පොලිස් නිලධාරියා පෙරේදා (15 දා) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසනවා.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අනුරාධපුර, ශ‍්‍රාවස්තිපුර, රාජාංගණය, ගල්ගමුව සහ නොච්චියාගම යන ප‍්‍රදේශවල සිට පැමිණ ගණිකා වෘත්තියේ නිරත වූ වයස අවුරුදු 25ත් 45ත් අතර වියේ පසුවන කාන්තාවන් පස්දෙනකු සහ වයස අවුරුදු 52ක්වන ගණිකා නිවාසය පවත්වා ගෙන ගිය ප‍්‍රධාන සැකකරුයි.
මෙහි කාන්තාවන් දෙදෙනකු පොලිසියට හසු නොවන පරිදි තම නීත්‍යානුකූල සැමියන් දෙදෙනා සමග ගණිකා සේවයට පැමිණෙන බවත්, සැමියන් නොමැති කාන්තාවන් තිදෙනා වෙනත් පිරිමින් තිදෙනකු සමග මෙම වෘත්තියේ නිරත වීමට පැමිණ හැඳුනුම්පත් ලබා දී කාමරවලට වී සිටින බවත්, මෙම කාන්තාවන් මිල දී ගැනීමට ගැනුම්කරුවකු පැමිණිවිට එම කාන්තාවන් රැගෙන ආ නීත්‍යානුකූල සැමියන් සහ අනියම් පුරුෂයන් එම ස්ථානයෙන් ඉවත්ව සිටින බවත් පොලිසිය සඳහන් කළේය.
සූක්ෂම ලෙස පොලිස් උපාය දුතයකු යොදා කාන්තාවක මිලට ගැනීමෙන් අනතුරුව ප‍්‍රධාන සැකකරු සහ ගණිකා වෘත්තීයේ නිරත වූ කාන්තාවන් පස්දෙනා අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත.
කාන්තාවන් මිලදී ගැනීම සඳහා පැමිණෙන ගැනුම්කරුවන්ට ප‍්‍රධාන සැකකරු විසින් කාන්තාවන් පස්දෙනා ම පෙන්වනු ලබන බවත් වයස 25 – 30 සීමාවල කාන්තාවන් රුපියල් 6000ක මුදලකටත් 30ට වැඩි කාන්තාවන් 4000ක මුදලකටත් අලෙවි කරන බවත් එක් වාරයක දී රුපියල් 2000ක මුදලක් මෙම ජාවාරම කරගෙන යනු ලබන ප‍්‍රධාන සැකකාර විශ‍්‍රාමික පොලිස් නිලධාරියා ලබා ගන්නා බවත් සිදු කළ ප‍්‍රශ්නවල දී අනාවරණය වූ බව පොලිසිය පවසනවා.
කාලයක සිට කරගෙන ආ මෙම ජාවාරමෙන් ගණිකා නිවාසය පවත්වාගෙන ගිය ප‍්‍රධාන සැකකරුවන විශ‍්‍රාමික පොලිස් නිලධාරියා එක් දිනකට පනස් දහසකට වැඩි මුදලක් උපයාගෙන ඇති බව ද පොලිසිය කීය.
අත්අඩංගුවට ගත් කාන්තාවන් පස්දෙනා සහ එය පවත්වාගෙන ගිය ප‍්‍රධාන සැකකරු ඊයේ (16) තඹුත්තේගම මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුනා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |