නිරතුරුවම දොස් පැවරීම නිසා මාමණ්ඩිට සිදුවු අපරාධය...

Murder Gagana sinhala news Kalutara South Police Kaluthara galasnahena
By Subodha Mar 08, 2022 05:55 AM GMT
Subodha

Subodha

Report

බෑණා සහ මාමණ්ඩිය අතර කලක සිට පැවති ආරවුලක් දුරදිග යාමෙන් බෑණා විසින් මාමණ්ඩිය තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇතැයි කළුතර දකුණ පොලිසිය කියයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කළුතර දකුණ ගල් අස්ස හේන පදිංචිව සිටි කේ ඩබ්ලිව් ගුණසිරි 72 හැවිරිදි දෙදරු පියෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් බෑණා ලේ තැවරුණු මන්නයක් සමඟ විනාඩි කීපයක් තුළදී අත්අඩංගුවට ගත් බව කළුතර දකුණු පොලිසියේ නිලධාරීයෙක් පැවසීය.

සැකකරු සහ මරණකරු එකම නිවසක පදිංචිව සිටින අතර සැකකරු රැකියාවක් නොකිරීම සම්බන්ධයෙන් මරණකරු විසින් නිරතුරුවම දොස් පැවරීම මෙම ඝාතනයට ආසන්නම හේතුව බවට විමර්ශනවලදී අනාවරණ බව පොලිසිය කියයි .

මීට දින දෙකකට පමණ ඉහතදී නිවසින් පිට වී තිබූ සැකකරු අද (8) මාමණ්ඩිය අලූයම නිවසින් පිටතට පැමිණෙන තෙක් මුළුතැන් ගෙයි වහලය මත සැඟව සිට මුළුතැන් ගෙට ඇතුළුවන උළුවස්ස අසලදී මෙම තියුණු ආයුධ ප්‍රහාරය එල්ල කර තිබූ බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

කළුතර දකුණ පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
join now