මිල්කෝ ආයතනය කිරි ගොවින්ට දෙන්න යන වාසිය...
Gagana news
Milko
Liquid milk bottles
By Subodha
දිවයිනේ සෑම ප්‍රධාන නගරයකටම මිල්කෝ ආයතනයේ දියර කිරි බෙදාහැරීමේ ජංගම රථ යෙදවීමට පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
දියර කිරි ප්‍රචලිත කිරීමේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තියට දායක වෙමින් මෙම නව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බව සඳහන්.
එහි ආරම්භය ලෙස ලබන මාසයේ දී කොළඹ දිස්ත්‍රික්කයේ නගර කිහිපයකට මිල්කෝ දියර කිරි බෙදාහැරීමේ රථ යෙදවීමට නියමිත බවයි වාර්තා වන්නේ.
එම ව්‍යාපෘතියේම තවත් පියවරක් ලෙස සෑම ගමකටම දියර කිරි බෝතල් 100ක් ලබාදීමට මිල්කෝ ආයතනය කටයුතු කර තිබෙනවා.
රුපියල් 150ක මුදලකට මෙම දියර කිරි බෝතලයක් ලබාදීමටයි සැලසුම් කර ඇත්තේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |