ප්‍රදේශ රැසකට තද වැසි...මුහුදු ප්‍රදේශයේ ධීවරයන්ටද විශේෂ දැනුම්දිමක්...

Department of Meteorology Gagana news Sri lankan sinhala news Fisheries and Shipping
By Subodha Mar 02, 2022 03:58 AM GMT
Subodha

Subodha

Report

අද රාත්‍රියේ සිට අනිද්දා දක්වා උතුර, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලට මෙන්ම මාතලේ දිස්ත්‍රික්කයට තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

නැගෙනහිර සහ ඌව පළාත්වල මෙන්ම මාතලේ, නුවරඑළිය සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක තද වැසි ඇති විය හැකියි.

මේ අතර ගිනිකොණ දිග බෙංගාල බොක්ක සහ ඊට යාබද දකුණු අන්දමන් මුහුද ආශ්‍රිතව පවතින අඩුපීඩන කලාපය තවදුරටත් වර්ධනය වෙමින් බස්නාහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් පවතිනවා.

ඉදිරි දින කිහිපයේ දී එය ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මේ හේතුවෙන් නැවත දැනුම්දෙන තුරු ගිණිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ධීවර සහ නාවික කටයුතුවල නොයෙදෙන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාද කරන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW