ඉන්ධන මිල ඉහළ දැමීම මැද්දේ ඉන්ධන ප්‍රවාහන ගාස්තු ඉහළට...

By Subodha Mar 13, 2022 11:20 AM GMT
Subodha

Subodha

Report

ඉන්ධන මිල ඉහළ දැමීම හා ඩොලරයේ අගය වැඩිවීම මත ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය ද සිය මිල ගණන් සංශෝධනය කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව පෙරේදා (11) මධ්‍යම රාත්‍රියේ සිට ඩීසල් මිල රුපියල් 55කින් ඉහළ යාම මත පසුගිය 07 වැනි දින සිට ඩොලරයේ අගය සියයට 30කින් වැඩිවීම මත සිය සංගමය සේවකයින් ලෙස දැඩි අර්බුදයකට මුහුණ පා ඇති බවයි ඔවුන් නිවේදනයක් මගින් දැනුම් දෙන්නේ.

මේ හේතුවෙන් ප්‍රවාහන ගාස්තු මිල සූත්‍රයට අදාළ ව අනෙකුත් ද්‍රව්‍ය එනම් ටයර්, ටියුබ්,වාහන අමතර කොටස්වල ද මිල මට්ටම් ඉහළ ගොස් ඇති බැවින් වහාම සියයට 60කින් ප්‍රවාහන ගාස්තු මිල සංශෝධනයක් ලබාදෙන ලෙසයි ලංකා ඛනිජ තෙල් පෞද්ගලික රථ හිමියන්ගේ සංගමය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉල්ලා සිටින්නේ.

දැනට පවතින තත්ත්වය මත ප්‍රවාහනකරුවන් සේවයට යෙදවිය නොහැකි තත්ත්වයක් මත වුව ද, සංගමයේ ඉල්ලීම අනුව දින 02කකට පමණක් සේවයට වාර්තා කිරීමට ද ඔවුන් සිය එකඟත්වය පළ කර ඇති බවත්, තම ඉල්ලීමට නිසි විසඳුම් නොලැබුණහොත්, සේවය අර්බුදකාරී තත්ත්වයකට පත්වන බවත් මෙම සංගමය විසින් වැඩිදුරටත් පෙන්වා දෙනු ලබනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
join now