දැන්වීම් නිසා කෝටි ගණනක පොල්ලක් කෑ දෙපාර්තමේන්තුව...
Department of Railways
Gagana news
Posting ads
By Subodha
දුම්රිය ස්ථානවල සහ දුම්රිය දෙපාර්තමේන්තුවට හිමි ස්ථානවල දැන්වීම් පළකිරීම වෙනුවෙන් එම දෙපාර්තමේන්තුවට පෞද්ගලික ආයතනවලින් සහ දැන්වීම් නියෝජිත ආයතනවලින් රුපියල් කෝටි ගණනක ගෙවීම පැහැරහැර ඇති බව දැනගන්නට තිබේ.
දුම්රිය දෙපාර්තමේන්තුව අදාල ආයතනවලට එම මුදල් ගෙවන ලෙස සිහිකැඳවීම් කොතරම් කළ ද මුදල් නොගෙවන තත්වයක් ඇති බව ද වාර්තා වේ.
දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ) වජිර පොල්වත්තගේ මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමේදී පැවසුවේ දැන්වීම් සම්බන්ධයෙන් හිඟ මුදල් අයකරගැනීමට කටයුතු කරමින් සිටින බවත් සිහිකැඳවීම්වලට අවස්ථා කීපයකදී ප්‍රතිචාර නොදැක්වූ ආයතනවලට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවත්ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |