ශ්‍රි ලංකා ක්‍රිකට් ප්‍රභලයෙක් ජාත්‍යන්තර ටෙස්ට් පිටියෙන් සමුගැනිම අද....

Gagana sports news Suranga lakmal Sri lankan test cri cket Sri Lanka and India test match
By Subodha Mar 12, 2022 04:50 AM GMT
Subodha

Subodha

Report

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දෙවන ටෙස්ට් තරගය අද (12) බැංගලෝර් හිදී ආරම්භ වීමට නියමිතයි.

දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය ආරම්භ වන්නේ අද (13) පස්වරු දෙකටයි.

අද තරගය ශ්‍රී ලංකාවෙන් බිහිවූ දක්ෂ වේග පන්දු යවන්නෙකු වන සුරංග ලක්මාල්ගේ අවසන් ජාත්‍යන්තර ටෙස්ට් තරගය වීම ද විශේෂත්වයක්.

වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර ආබාධයකට ලක්වීම සහ දුෂ්මන්ත චමීරට මාස කිහිපයක් යනතුරු ටෙස්ට් තරග ක්‍රීඩා කිරීමට වෛද්‍යවරුන්ගේ නිර්දේශය නොලැබීමත් හේතුවෙන් මෙම තරගයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විටත් පන්දු යවන්නනගේ අර්බුදයකට මුහුණ පා සිටිනවා.

එමෙන්ම පිට කොන්දේ ඇති වූ ආබාධයක් හේතුවෙන් අද තරගයට ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංකගේ සහභාගීත්වය අවිනිශ්චිත මට්ටමක පවතිනවා.

ඒ අනුව කුසල් මෙන්ඩිස්ට අද තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමේ වැඩි අවස්ථාවක් පවතින බවයි ඉන්දියාවෙන් වාර්තා වන්නේ.

මේ අතර මෙම තරගයේ දී ඉන්දීය දඟ පන්දු බලඇණිය තවත් ශක්තිමත් කිරීමේ අරමුණින් වමත් දඟ පන්දු යවන ක්‍රීඩක අක්සාර් පටෙල් පසුගිය දා ඉන්දීය සංචිතයට කැඳවනු ලැබුවා.

බොහෝ දුරට අද තරගයේ දී ඔහුව ඉන්දීය කණ්ඩායමේ දැකගත හැකි බවයි විචාරකයින් මත පළකර සිටියේ.

දෙටර අතර පැවති පළමු ටෙස්ට් තරගය ඉනිමක විශිෂ්ට ජයක් ඉන්දියාව සතු වුණා.


ජනප්‍රිය නළු නිළියන්, ක්‍රීඩකයන් , ගායක ගායිකාවන් ඇතුළු ඔබ ආදරය කරන ජනප්‍රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැන ගන්න. ගගන ගොසිප් ගෲප් එකට එක්වන්න 
join now


ReeCha