තියුණු තරගයක් අවසානයේ ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයග්‍රහණයක්
ශ්‍රී ලංකා කණ්ඩායමේ සිම්බාබ්වේ සංචාරය ආරම්භ කරමින් පැවති පළමු එක්දින ක්‍රිකට් තරගයේ දී ලකුණු 07ක තියුණු ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණා.
මෙහිදී තරගයේ කාසියේ වාසිය ලබා ගත් සිම්බාබ්වේ ක්‍රිකට් නායක සෝන් විලියම්ස්ගේ ආරාධනය පරිදි පළමුවට පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල සිය පන්දු වාර 50 අවසානයේ දී කඩුලු 6ක් දැවී ලකුණු 298ක් ලබා ගෙන සිටියා.
ඒ අනුව ලකුණු 299ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායමට කඩුලු 8ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 291ක් පමණයි.
ඒ අනුව ලකුණු 7න් සිම්බාබ්වේ කණ්ඩායම පරදා ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගැනීමට සමත් වුණා.