කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ද, පානදුරේ නිලංග, බැකෝ සමන් සහ තැඹිලි ලහිරු ලංකාවට ගේන දවසේ හදිසි වෙනසක්
ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් කෙහෙල්බද්දර පද්මේ , කමාන්ඩෝ සලින්ද නොහොත් පිට්ටුවා, පානදුරේ නිලංග , බැකෝ සමන් සහ තැඹිලි ලහිරු යන පාතාලයේ අපරාධකරුවන් පස් දෙනා මෙරටට රැගෙන ඒම දිනකින් කල් ගොස් ඇත.
එබැවින් ඔවුන්ව නැවත ශ්‍රී ලංකාවට ගෙන එන්නේ ඉරිදා බව සඳහන්.
මෙම අපරාධකරුවන් හෙට දිනයේ මෙරටට රැගෙන ඒමට සියල්ල සූදානම්කර තිබුණත් ඉන්දුනීසියාව පාර්ශවයෙන් යම් නීතිමය ගැටළු කිහිපයක් නිරාකරණය කර ගැනීම ප්‍රමාද වීම නිසා දිනක් ප්‍රමාද වී තිබෙන බව එරටින් ලැබෙන තොරතුරු හෙළි කර තිබෙනවා.
එසේම පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ අඳාළ පිරිස රැගෙන එන විට කටුනායක ගුවන් තොටුපොලේ ආරක්ෂාව ද දැඩි කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි.