එකපාර ධන වුණු උද්ධමනය
අඛණ්ඩව මාස 11ක් පැවැති අවධමන තත්ත්වයෙන් පසුව කොළඹ පාරිභෝගික මිල දර්ශකය ධන අගයකට පත්ව ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.
ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙන් මනිනු ලබන මතුපිට උද්ධමනය 2025 ජූලි මාසයේ පැවැති 03%ක අවධමනයට සාපේක්ෂව 2025 අගොස්තු මාසයේදී 1.2%ක ධන අගයක් වාර්තා කර ඇති බව සඳහන් කරයි.

ඕකටනේ නැටුවේ, ඔන්න ඒ පාර පුතානෝයි වයිෆ් ජලනියි දෙන්නත් අමාරුවේ වැටෙන්න යන්නේ, බලන් ගිහාම රනිල් වැටුණු වළමයි
එමෙන්ම ආහාර කාණ්ඩයෙහි උද්ධමනය 2025 ජූලි මාසයේදී වාර්තා වූ 1.5% හි සිට අගෝස්තු මාසයේදී 2.0%ක් දක්වා ඉහළ ගොස් ඇති බවද එහි සඳහන්.
තවද අඳාළ නිවේදනයෙහි වැඩිදුරටත් සඳහන් වන්නේ 2024 සැප්තැම්බර් මාසයේ සිට සෘණ අගයක පැවැති ආහාර නොවන කාණ්ඩයෙහි උද්ධමනයද 2025 ජූලි මාසයේදී පැවැති 1.2ක අවධමනයට සාපේක්ෂව 2025 අගෝස්තු මාසයේදී සියයට 0.8ක ධන අගයක්ද වාර්තා කළ බවයි.