කොන්දොස්තරවරයෙක් ඉවත් කිරිමක් නිසා දෙගුණයක් ලාභ ලැබූ ඩිපෝව...
SLTB
Gagana news
Posting ads
By Subodha
ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලංගම) කිරිඳිවැල ඩිපෝවට අයත් කටුනායක - ඇඹිලිපිටිය මාර්ගයේ ධාවනය වන බස් රථයක කොන්දොස්තරවරයෙක් මුදල් වංචා චෝදනාවකට රාජකාරි අත්හිටුවීමට ලංගම පාලන අධිකාරිය කටයුතු කර ඇති බව වාර්තා වේ.
එම බස් රථයේ අදායම පිළිබඳව ඇති වූ සැයක් මත චෝදනා එල්ල වී ඇති කොන්දොස්තරවරයා ඉවත්කර වෙනත් කොන්දොස්තරවරයෙක් යෙදවීමෙන් පසුව ආදායම දෙගුණයකට ආසන්න වී ඇති බවත් ඒ අනුව චෝදනා ලාභී කොන්දොස්තරවරයා සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් කරන බවත් ලංකා ගමනාගමන මණ්ඩලයේ නිලධාරියෙක් පැවසීය.