VIP කාර් පාර්ක් එකක් නිසා ප්‍රධාන නගරයක් උණුසුම් කළ රියදුරෝ...(VIDEO)
Police
Anuradhapura
Sri lankan
Gagana news
By Subodha
ඊයේ(25) දිනයේදි අනුරාධපුර බස් නැවතුම ඉදිරිපිටදි ත්‍රි රෝද රථ රියදුරන් විසින් උද්ගෝෂණයක නිරත වුණා.
ඔවුන් පවසන්නේ කලකට ඉහතදි නවිකරනය කිරිමට යෙදුණු අනුරාධපුර බස් නැවතුමට යාබධව පැවති ත්‍රිරෝද රථ ගාල සදහා පෙර නියම කෙරුණු ත්‍රිරෝද රථ සංඛ්‍යාව 75 වුවද පසුව එය 5කට අඩු කෙරුණු බවයි.
තවද එහි දැන් සදහන් වි ඇත්තේ එහි අවසර ප්‍රභූ රථ ගාලක් සදහා යොදා ඇති බවයි.
මේ සදහා අදාල බලධාරින් දැනුවත් කලද එයින් කිසිදු ප්‍රතිඵලයක් නොවු බව ඔවුන් පවසනවා.
තවද ඔවුන් පවසන්නේ වසර පතා අදාල මුදල ඔවුන් ගෙව්වද මෙම අයිතිය ඔවුන්ගෙන් උදුරගෙන ඇති බවයි.
මෙය සමතයකට පත් කිරිම සදහා අනුරාධපුර පොලිසිය පැමිණි අවස්ථාවේ දැඩි උණුසුම් වාතාවරණයක් සමග වචන හුවමාරුවක්ද සිදුවි තිබෙනවා .
දර්ශන අයිතිය - නිව්ස් ෆස්ට්
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |