මත්කුඩු සමග කතක් අත්අඩංගුවට...
මත්කුඩු ග්‍රෑම් 100 හා මිලි ගෑම් 75 සමග කාන්තාවක් අත් අඩංගුවට ගෙන තිබුණි.
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ මයිකල් එළිසබෙත් මේරි නොහොත් කුඩු මේරි නැමති කාන්තාවකි.
වයස අවුරුදු 47 වන මෙම සැකකාරිය මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචිකාරියකි.
සැකකාරිය දෙමටගෙඩ ලක්සිරි සෙවන නිවාස සංකීර්ණයේ නිවසක් තුළදි අත් අඩංගුවට පත්ව ඇත.
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවෙත් වන දෙමටගොඩ චමින්ද නැමැත්තාගේ මත් කුඩු ජාවාරම් මෙහෙයවන කාන්තාවක් වන ඇය සතුව රුපියල් ලක්ෂ 20කට අධික වටිනාකමක් සහිත මත්කුඩු තොගයක් සමගයි අත් අඩංගුවට පත්ව ඇත්තේ.
මෙම සැකකාරිය මීට පෙර අවස්ථා කිපයකදි පොලිස් අත්අඩංගඅවට පත්ව චෝදනා ලැබු තැනැත්තියක් බවද පොලිසිය සදහන් කරයි.
සැකකාරිය මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.
කොළඹ අපරාධ කොට්ඨාසය මේ පිලිබදව වැඩිදුරටත් පරික්ෂණ පවත්වයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |