"මහ බැංකුව අමූලික බොරු කරනවා" - සංජය මහවත්තගෙන් අනතුරු ඇඟවීමක්

Report

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති නිවේදනය සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් තැන්පත්කරුවන් සමඟ මහ බැංකුව ඉදිරිපිටට පැමිණීමට කටයුතු කරන බව සිවිල් බුද්ධි පෙරමුණේ සභාපති සංජය මහවත්ත මහතා පවසයි.

සිවිල් බුද්ධි පෙරමුණ විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

මහ බැංකුව විසින් ආයතන හයක් සම්බන්ධයෙන් නිකුත් කර ඇති නිවේදනය පිළිබඳව අදහස් දක්වමින් සංජය මහවත්ත මහතා කියා සිටියේ, එම ආයතන කිහිපයක් සම්බන්ධයෙන් විශේෂ සලකුණු යොදා ඇති බවයි.

ඔහු චෝදනා කළේ, මහ බැංකුවට පවතින සීමිත බලතල අයුතු ලෙස භාවිත කරමින් අදාළ ආයතන සම්බන්ධයෙන් මහජනතාව තුළ අනවශ්‍ය බලපෑමක් ඇතිවන ආකාරයෙන් කටයුතු කර ඇති බවටය.

රියදුරු බලපත්‍ර ගන්නද ඉන්නේ? ලබන 24 වනදා සිට ක්‍රියාත්මක වන අලුත්ම ක්‍රමවේදය

රියදුරු බලපත්‍ර ගන්නද ඉන්නේ? ලබන 24 වනදා සිට ක්‍රියාත්මක වන අලුත්ම ක්‍රමවේදය

අදාළ ආයතන සම්බන්ධයෙන් තාවකාලික තහනම් පැනවූ බවට මහ බැංකුව විසින් නිවේදනය කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් මහජනතාව අතර විවිධ මත පළ වී ඇති බවත් ඔහු සඳහන් කළේය.

විශේෂයෙන්ම ජනතාවගේ මුදල් තැන්පතු ලෙස ලබාගෙන ඇති ආයතන සම්බන්ධයෙන් මෙවැනි නිවේදන නිකුත් කිරීම පිළිබඳව තම සංවිධානය දැඩි විරෝධය පළ කරන බව සංජය මහවත්ත මහතා පැවසීය.

මහ බැංකුව විසින් නිකුත් කළ අදාළ මාධ්‍ය නිවේදනය තමන් දැඩි ලෙස හෙළා දකින බවත්, එම ආයතනවල තැන්පත්කරුවන් සමඟ ඉදිරියේදී මහ බැංකුව ඉදිරිපිටට පැමිණ විරෝධතාවක් පැවැත්වීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.  

විදුලිය අපනයනය නොකර රට තුළම ඵලදායීව භාවිත කරන්න විදුලි දුම්රිය ව්‍යාපෘතිය සූදානම්

විදුලිය අපනයනය නොකර රට තුළම ඵලදායීව භාවිත කරන්න විදුලි දුම්රිය ව්‍යාපෘතිය සූදානම්