ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර අහෝසි කෙරේ- කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න අලුත් පනතට අත්සන් තබයි

By Kanchana Sep 23, 2026 05:17 AM GMT
Report

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පතට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සිය සහතිකය සටහන් කර තිබේ.

ඒ අනුව, අදාළ පනත් කෙටුම්පත ඊයේ (22) සිට 2026 අංක 22 දරන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (ඉවත් කිරීමේ) පනත ලෙස බලාත්මක වී ඇත.

  මෙම පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා 2026 අගෝස්තු 4 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ අතර, එහි දෙවැනිවර කියවීමේ විවාදය පසුගිය සැප්තැම්බර් 9 වැනිදා පැවැත්විණි.

අනතුරුව ඡන්ද විමසීමකින් තොරව පනත් කෙටුම්පත සම්මත කෙරිණි. සන්නද්ධ හමුදා සහ ආරක්ෂක අමාත්‍යාංශය අතර කටයුතු සම්බන්ධීකරණය කිරීම ඇතුළු කාර්යයන් සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ස්ථාපිත කරමින් 2009 අංක 35 දරන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත හඳුන්වා දී තිබිණි.

නව පනත බලාත්මක වීමත් සමඟ 2009 අංක 35 දරන එම පනත ඉවත් වන අතර, ඒ අනුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ද අහෝසි වේ.

එමෙන්ම, නව පනතේ විධිවිධාන අනුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයට අයත් සියලුම චංචල සහ නිශ්චල දේපළ ආරක්ෂක විෂය භාර අමාත්‍යවරයාගේ අමාත්‍යාංශය වෙත පැවරීමට නියමිතය.

ඒ අනුව, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර සහ එම කාර්යාලයට අදාළ නීතිමය රාමුව අහෝසි කරමින් 2026 අංක 22 දරන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (ඉවත් කිරීමේ) පනත බලාත්මක වී තිබේ.

ලෝක තෙල් මිල ඉහළ යද්දී මෙරට ඉන්ධන මිල සංශෝධනය ගැන රජයේ අවධානය- සම්පූර්ණ බර ජනතාව මත නොපටවන බව ඇමති නලින්ද ජයතිස්ස කියයි

ලෝක තෙල් මිල ඉහළ යද්දී මෙරට ඉන්ධන මිල සංශෝධනය ගැන රජයේ අවධානය- සම්පූර්ණ බර ජනතාව මත නොපටවන බව ඇමති නලින්ද ජයතිස්ස කියයි

රියදුරු බලපත්‍ර ගන්නද ඉන්නේ? ලබන 24 වනදා සිට ක්‍රියාත්මක වන අලුත්ම ක්‍රමවේදය

රියදුරු බලපත්‍ර ගන්නද ඉන්නේ? ලබන 24 වනදා සිට ක්‍රියාත්මක වන අලුත්ම ක්‍රමවේදය