මැදපෙරදිග යුද්ධය සහ ගෝලීය කම්පන හමුවේ IMF වෙතින් ලංකාවට හදිසි උපදෙසක් - "ආර්ථික ප්‍රතිසංස්කරණ තවත් වේගවත් කරන්න"

Report

මැදපෙරදිග පවතින යුද තත්ත්වය, ගෝලීය වෙළෙඳ ප්‍රතිපත්ති සම්බන්ධ අවිනිශ්චිතතාව සහ එල් නිනෝ සංසිද්ධියේ බලපෑම් හේතුවෙන් ශ්‍රී ලංකාව අඛණ්ඩ අවදානම්වලට මුහුණ දෙමින් සිටින බැවින්, විචක්ෂණශීලී ආර්ථික ප්‍රතිපත්ති පවත්වා ගනිමින් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ කඩිනම් කරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ශ්‍රී ලංකාවෙන් ඉල්ලා තිබේ.

ඉවාන් පැපජෝර්ජියෝ මහතාගේ නායකත්වයෙන් යුත් IMF කණ්ඩායමක් සැප්තැම්බර් 10 සිට 23 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූයේ මෑත කාලීන සාර්ව ආර්ථික වර්ධනයන්, විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) වැඩසටහන යටතේ ලබා ඇති ප්‍රගතිය සහ 2026 වසර සඳහා වූ IV වැනි වගන්තිය යටතේ ප්‍රතිපත්ති ප්‍රමුඛතා සමාලෝචනය කිරීම සඳහාය.

මෙහෙයුම අවසානයේ අදහස් දක්වමින් පැපජෝර්ජියෝ මහතා සඳහන් කළේ, අඛණ්ඩ බාහිර කම්පන මධ්‍යයේ වුවද ශ්‍රී ලංකා ආර්ථිකය ඔරොත්තු දෙන තත්ත්වයක පවතින බවයි.

2026 වසරේ දෙවැනි කාර්තුවේදී ආර්ථික ක්‍රියාකාරකම් සියයට 4.2කින් වර්ධනය වී ඇති අතර, එය අඛණ්ඩව වාර්තා වූ 11 වැනි කාර්තුවේ ආර්ථික වර්ධනය බව ද ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත්, ගෝලීය තෙල් මිල ඉහළ යාමේ බලපෑම හේතුවෙන් අගෝස්තු මාසයේදී ප්‍රධාන උද්ධමනය වාර්ෂික පදනම මත සියයට 8 දක්වා ඉහළ ගොස් ඇති බව IMF පෙන්වා දෙයි.

එසේ වුවද, උද්ධමන අපේක්ෂාවන් පුළුල් ලෙස ස්ථාවරව පවතින බවත්, අගෝස්තු මාසය අවසන් වන විට ශ්‍රී ලංකාවේ දළ නිල විදේශ සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 6.9ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් IMF සඳහන් කළේය.

 2026 වසරේ පළමු භාගය තුළ ශ්‍රී ලංකාවේ මූල්‍ය කාර්යසාධනය ශක්තිමත්ව පැවති බව ද IMF පවසයි. එමෙන්ම, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය බොහෝ දුරට අවසන් කර ඇති අතර, බැංකු පද්ධතිය ප්‍රමාණවත් ප්‍රාග්ධනයකින් යුක්තව සහ ලාභදායී තත්ත්වයක පවතින බව ද එම අරමුදල වැඩිදුරටත් සඳහන් කර තිබේ.

රියදුරු බලපත්‍ර ගන්නද ඉන්නේ? ලබන 24 වනදා සිට ක්‍රියාත්මක වන අලුත්ම ක්‍රමවේදය

රියදුරු බලපත්‍ර ගන්නද ඉන්නේ? ලබන 24 වනදා සිට ක්‍රියාත්මක වන අලුත්ම ක්‍රමවේදය

ලෝක තෙල් මිල ඉහළ යද්දී මෙරට ඉන්ධන මිල සංශෝධනය ගැන රජයේ අවධානය- සම්පූර්ණ බර ජනතාව මත නොපටවන බව ඇමති නලින්ද ජයතිස්ස කියයි

ලෝක තෙල් මිල ඉහළ යද්දී මෙරට ඉන්ධන මිල සංශෝධනය ගැන රජයේ අවධානය- සම්පූර්ණ බර ජනතාව මත නොපටවන බව ඇමති නලින්ද ජයතිස්ස කියයි