"තවදුරටත් ටෙස්ට් සහ එක්දින ක්‍රීඩා කරන්න බැහැ"  - මාක් වුඩ්  ක්‍රිකට් පිටියට සමුදෙයි

Report

එංගලන්ත කණ්ඩායමෙන් බිහි වූ වේගවත්ම පන්දු යවන්නෙකු ලෙස සැලකෙන 36 හැවිරිදි මාක් වුඩ් (Mark Wood) ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.

පසුගිය වසර කිහිපය පුරා ඔහු මුහුණ දුන් වැලමිටේ ආබාධ සහ දණහිසේ ශල්‍යකර්ම හේතුවෙන් තවදුරටත් ටෙස්ට් සහ එක්දින තරගවල නිරත වීම අපහසු බවට ලැබුණු වෛද්‍ය උපදෙස් මත ඔහු මෙම තීරණය ගෙන ඇත.

ලෝක තෙල් මිල ඉහළ යද්දී මෙරට ඉන්ධන මිල සංශෝධනය ගැන රජයේ අවධානය- සම්පූර්ණ බර ජනතාව මත නොපටවන බව ඇමති නලින්ද ජයතිස්ස කියයි

ලෝක තෙල් මිල ඉහළ යද්දී මෙරට ඉන්ධන මිල සංශෝධනය ගැන රජයේ අවධානය- සම්පූර්ණ බර ජනතාව මත නොපටවන බව ඇමති නලින්ද ජයතිස්ස කියයි

2015 වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය ආරම්භ කළ වුඩ්ගේ කැපී පෙනෙන දස්කම් කිහිපයක්

ටෙස්ට් තරග 38 කදී කඩුලු 119 ක් බිඳහෙළීම. 2019 එක්දින ලෝක කුසලාන ජයග්‍රහණයේදී කඩුලු 18 ක් දවාගනිමින් දැවැන්ත දායකත්වයක් ලබාදීම.

2022 විස්සයි20 ලෝක කුසලාන ජයග්‍රහණයට දායක වීම. සමස්තයක් ලෙස ජාත්‍යන්තර එක්දින තරග 70 කදී කඩුලු 80 ක් සහ විස්සයි20 තරග 38 කදී කඩුලු 54 ක් වාර්තා කිරීම.

මම මේ කිසි දේකට සම්බන්ධ නෑ - පාස්කු නඩුවේ 5 වෙනි වරදකරුගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

මම මේ කිසි දේකට සම්බන්ධ නෑ - පාස්කු නඩුවේ 5 වෙනි වරදකරුගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්