ඊශ්‍රායල - හමාස් ප්‍රහාරයෙන් මියගිය යටවර බණ්ඩාරගේ දේහය ලංකාවට.

Sri Lanka Israel Israel-Hamas War
By Wayomi Nov 09, 2023 05:30 AM GMT
Wayomi

Wayomi

Report

අද (09) උදෑසන ඊශ්‍රායල - හමාස් ගැටුමෙන් මිය ගිය සුජිත් යටවර බණ්ඩාර මහතාගේ දේහය කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙනවිත් තිබෙනවා.

ඔහුගේ දේහය ඊශ්‍රායලයේ සිට ඩුබායි වෙත රැගෙන විත්, එතැන් සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ් - 579 දරන ගුවන් යානයෙන් රැගෙන ආ බවයි වාර්තා වන්නේ.

දේහය භාරගැනීම සඳහා සුජිත් යටවර බණ්ඩාර මහතාගේ බිරිඳ ජයනි මධුවන්ති, 13 හැවිරිදි දුව, 09 හැවිරිදි පුතා, ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල මහ කොමසාරිස් දිනේෂ් ප්‍රියන්ත, හිටපු අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගුවන්තොටුපොළ පරිපාලන නිලධාරී අශෝක ප්‍රේමසිරි යන මහත්වරුන් ඇතුළු පිරිසක් කටුනායක ගුවන්තොටුපොළට පැමිණ සිටියා.  

ReeCha