තරුණියන් හඩවමින්...! හේමාල් රණසිංහ අලුත් ආදරේක පැටලිමට නියමිතද...?(photos)
සිංහල සිනමාවේ අපූරු සලකුණක් නිර්මාණය කරන්නට හැකියාවක් ලැබුණු අග්‍රගන්‍ය සිහින තරුව , යෞවනයේ සිහින කුමරා නැතිනම් තරුණියන්ගේ වැඩිම ආකර්ෂණය හිමි කඩවසම් නළුවෙකු කිවුවෙත් මා නිවැරදි යැයි මා සිතනවා .
කඩවසම්භාවය හා දක්ෂතාවය ම නිසා මෙතරම් ජනාදරයට පත්ව ඇති මොහු හිංදි නළුවෙකුට සමාන ආකර්ශනීයත්වයක් උසුලනවා .
ලාංකිය තරුණියන් වැඩිම දෙනෙකුගේ සිහින කුමරා නම් මොහු නමින් හේමාල් රණසිංහයි.
1984 අගෝස්තු 25 මාතලේ දී මෙලොව උපත ලැබු ඔහු, නමින් හේමාල් රණසිංහ නොහොත් හේමාල් සචින්ද්‍ර රණසිංහ යි.
මොහු ගේ උස 187 cm (6 ft 2 in) වේ.
ඔහුට වැඩිමහල් සහෝදරයන් දෙදෙනෙකු සහ එක් බාල සහෝදරයෙකු සිටී.
ඔහුගේ මව විශාකා චිත්‍රාංගනී මැදිවක වන අතර ඔහුගේ පියා සේනාරත්න රණසිංහ යි.
ඔහුගේ පියා සහ සීයා යන සියල්ලෝම ආයුර්වේද විශේෂඥයෝ වෙති.
හේමාල් ද්විතීයික අධ්‍යාපනය මාතලේ "ශාන්ත තෝමස් විද්‍යාලයෙන්" ලබා ඇත.
මෙහු ලාංකේය සිනමාවේ සහ රූපවාහිනියේ බිහිවු අති විශිෂ්ඨ නළුවෙක් වගේම ප්‍රභල සටන් ශීල්පියෙකු ද වනවා.
ඔහු 2016 සහ 2018 දෙරණ සිනමා සම්මාන උලෙළේදී 'හොඳම නළුවා' සහ 'වඩාත් ජනප්‍රිය නළුවා' සඳහා විචාරක සම්මානය ලබා ගත්තේ, නූතන සිනමාවේ ශ්‍රී ලංකාවේ ජනප්‍රියම නළුවෙකු බවට පත්වීම නොරහසක් බව කියාපාමිණි යි.
නිරුපණ ශීල්පියෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේ වෙළෙඳ දැන්වීම් කිහිපයකම පෙනී සිටිමිනි.
ඔහු 2012 දී "සුපර් සික්ස්" හි පෙනී සිටිමින් සිනමාවට පිවිසියේය.
2016 වසරේ හිරු ගෝල්ඩන් ෆිල්ම් සම්මාන උළෙලේදී "ජනප්‍රියම නළුවා" සහ "හොඳම අනාගත නළුවා" සම්මාන දෙකම එකවර දිනා ගත්තේය.
තවද ,මෙහු "Derana Film Award, Hiru Golden Film Awards, Sarasaviya Awards, Presidential Film Awards , SLIM-Nielsen Peoples Awards , Rupavahini State Awards" යන සම්මාන උළෙලවල් වලදි සම්මාන දිනා ඇත.
සටන් කලාව පිළිබඳ ප්‍රවීණයෙකු වන අතර එය ඔහු තම රංගන දිවියේ මේ වන විටත් භාවිතා කරන බව ඔහු පවසයි.
හේමාල් අලුතින් මාර්තු මස තිරගත විමට නියම්ත "ආශාවරි" නම් සිනමා නිර්මාණයකට දායක වි ඇති බැවින් ඔහු එහි ආදරවන්තයාගේ චරිතයද නිරූපණය කරන බවයි දැන ගන්නට ලැබුණේ .
මොහුට ආදරය කරන බොහෝ දෙනෙකු නොයිවසිල්ලෙන් බලා සිටින්නේ මෙම කඩවසම් නළුවා නිර්මාණයකින් දැක ගැනිමටය.
ජනප්‍රිය නළු නිළියන්, ක්‍රීඩකයන් , ගායක ගායිකාවන් ඇතුළු ඔබ ආදරය කරන ජනප්‍රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැන ගන්න. ගගන ගොසිප් ගෲප් එකට එක්වන්න |