ලංකාවේ තරුණ තරුණියන්ට සුබදායක ආරංචියක්..ලක්ෂ ගණනින් උපයන්න අවස්ථාවක්.

Sri Lanka Jobs Gotabaya Rajapakshe Korian
By Aruna Jan 21, 2022 03:31 AM GMT
Aruna

Aruna

Report

රැකියා, වෘත්තීය පුහුණු සහ ආයෝජන අවස්ථා ප්‍රවර්ධනය සදහා දකුණු කොරියානු රජයේ සහාය ලබාදෙන බව එරට ජාතික සභාවේ කථානායක පාර්ක් බ්යෝන්ග් සියෝග් මහතා පවසනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ජනාධිපති කාර්යාලයේ දී පැවති හමුවේදී ඔහු මේ බව ප්‍රකාශ කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මෙරට තුළ ආයෝජන අවස්ථා සඳහා කොරියාවේ ප්‍රධාන පෙළේ සමාගම් දිරිගන්වන ලෙස ද ජනාධිපතිවරයා එහිදි සියෝග් මහතාගෙන් ඉල්ලීමක් කර තිබුණා.

එමෙන්ම දකුණු කොරියාවේ ශ්‍රම වෙළෙඳපොළෙහි වැඩි අවස්ථාවක් මෙරට ශ්‍රමිකයින්ට ලබාදෙන ලෙස කළ ඉල්ලීම ඉටුකිරීමට පියවර ගන්නා බව ද සියෝග් මහතා එහිදි ජනාධිපතිවරයා දැනුවත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

මෙරට වෘත්තීය පුහුණු අවස්ථා දියුණු කරගැනීමට කොරියානු රජයේ ආධාර ලබාදීමටත් දකුණු කොරියානු කථානායකවරයා එහිදි එකඟතාව පළකර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now