ශ්‍රී ලංකාවේ තරුණයින්ට සුබ ආරංචියක්..දෑවැද්ද වෙනස් වෙයි(PHOTOS)....
පසුගිය සතිඅන්තයේ ඉරිදා ජාතික පුවත්පතක මංගල යෝජනා දැන්වීම් තීරයේ පළ කරන ලද අති විශේෂ දැන්වීමක මෙසේ සදහන් වුනි.
එහි ඇති විශේෂත්වය වන්නේ අදාළ මනාලිය වෙනුවෙන් ඇගේ දෙමව්පියන් විසින් දෙනු ලබන දායාදය හෙවත් දෑවැද්ද ක්‍රිප්ටෝකරන්සි වශයෙන් ලබා දෙන බවට සඳහන් කර තිබීමයි.
මෙය සැබෑ විවාහ අරමුණකින් පළ කරන ලද්දක් ද, එසේ නැතහොත් ක්‍රිප්ටෝකරන්සි ප්‍රචලිත කරලීම සඳහා පළ කරනු ලැබූ ව්‍යාජ මංගල දැන්වීමක් ද යන පැනය අදාළ දැන්වීම කියවීමේ දී පැනනගී.
කෙසේ වෙතත් දේපොළ ඉඩකඩම්, රථවාහන, රත්‍රන් වැනි සම්ප්‍රදායික දායාද වත්කම්වලින් ඔබ්බට ගොස් මෙයාකාරයේ අතථ්‍ය වත්කම්වලට වැඩි නැඹුරුවක් ඉදිරියේ අනාගතයේ දී අපට දක්නට ලැබුණොත් එය පුදුම විය යුතු කරුණක් නොවේ.
ඊට සරල හේතු කිහිපයක් පහත පරිදි දැක්විය හැකිය.
අද (28) වන විට බිට්කොයින් එකක වටිනාකම ඩොලර් 59,000 ක් හෙවත් ශ්‍රී ලංකා මුදලින් රු. මිලියන 12 ක් පමණ වේ.
නමුත් මීට වසර 6කට පමණ පෙර බිට්කොයින් එකක මිල පැවතියේ ඩොලර් 400කටත් වඩා අඩු මට්ටමකය.
එනම් රු. 45,000 ක පමණ මුදලකි. යම් අයෙක් මීට වසර 6කට පමණ පෙර බිට්කොයින්වල රු. 50,000 ක් අයෝජනය කර තිබුණේ නම් අද වන විට රු. කෝටියකට වඩා වැඩි මුදලකට ඔහු හිමිකම් කියනු ඇත.
එවැනි ප්‍රතිලාභයක් ඉඩකඩම් දේපළ හෝ වෙනත් වත්කමක ආයෝජනයෙන් ලබා ගැනීමට සිතීම පවා ඉතා අසීරුය.
සමාගම් කොටස් හා ක්‍රිප්ටෝකරන්සි යනු ඉහළ ප්‍රතිලාභ ලැබිය හැකි අයෝජනයන්ය.
නමුත් ප්‍රතිලාභය ඉහළ යන තරමටම මේවායේ ඇති අවදානම ද ඉතා ඉහළ බව කිව යුතුය.
ශ්‍රී ලංකාවේ ක්‍රිප්ටෝකරන්සි භාවිතය, ආයෝජනය හෝ ගනුදෙනු කිරීම සම්බන්ධ නියාමන ආරක්ෂාවක් නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවා මේ වන විට නිල වශයෙන් ප්‍රකාශ කර ඇත්තේ එකී අවදානම නිසාය.
එබැවින් ඉහළ ප්‍රතිලාභයක් ලැබීමට නම් ඉහළ අවදානමක් ද අනිවාර්යයෙන්ම දැරිය යුතු වේ. නමුත් අවදානමක් නොදැරීම ඊට වඩා අවදානම් බව ෆේස්බුක් නිර්මාතෘ මාක් සකර්බර්ග් වරක් පවසා ඇත.
මේ අතර මෙරට කොටස් වෙළෙඳපොළේ ප්‍රමුඛතම ආයෝජකයෙකු වන නිමල් පෙරේරා මහතා වරක් සිය ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින් කියා සිටියේ, සිය දියණිය වෙනුවෙන් දායාද ලබා දීමට තමන්ට සිදුවුණි නම් සමාගම් 3 ක් නම් කරමින් ඒවායේ කොටස් මිලියනය බැගින් ලබාදෙන බවත්, දියණියගේ පළමු දරුවා පාසැලට ඇතුළත් කරන විට ඇය බිලියනපතිනියක වී සිටිනු ඇති බවත්ය.
නමුත් තමාට එවැනි අවස්ථාවක් නොමැති බව ඔහු පවසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |

