වසර 16කට පසු ශ්‍රී ලංකාව ජය ගනී

By Kaushi Jun 05, 2025 01:15 PM GMT
Report

අද (5) දින ශ්‍රී ලංකා කණ්ඩායම, බෘෘනායි කණ්ඩායමට විරුද්ධව වසර 16කට පසු පාපන්දු තරග ජයක් දිනා ගැනීමට සමත් වී ඇති බවට වාර්තා වේ.

මෙසේ ජය ගෙන ඇත්තේ තායිලන්තයේ පැවැති ජාත්‍යන්තර සුහද පාපන්දු තරගයෙන්.

මුන් ගුරුවරුද?..පාසල් සිසුවියට ගුරු අඹු සැමි යුවළ කරපු ඛේදවාචකය...

මුන් ගුරුවරුද?..පාසල් සිසුවියට ගුරු අඹු සැමි යුවළ කරපු ඛේදවාචකය...

එහි දී ගෝල 1-0ක් ලෙස බෘෘනායි කණ්ඩායම පරාජය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී ඇත.

මෙම තරගයේ පළමු අර්ධයේදී දෙපිළටම ගෝල වාර්තා කිරීමට නොහැකි වී තිබෙනවා.

එසේ තිබිය දී තරගයේ 57වන මිනිත්තුවේදී ලියෝන් පෙරේරා ශ්‍රී ලංකාව වෙනුවෙන් ජයග්‍රාහී ගෝලය වාර්තා කළා.

ලංකා බැංකුවෙන් සිය පාරිභෝගිකයන්ට විශේෂ නිවේදනයක්

ලංකා බැංකුවෙන් සිය පාරිභෝගිකයන්ට විශේෂ නිවේදනයක්

ඒ අනුව ශ්‍රී ලංකාව මේ වනවිට ජාත්‍යන්තර පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල 200 වන ස්ථානයේ පසුවෙන බවට වාර්තා වේ.

එම ශ්‍රේණිගත කිරීම්වල බෘෘනායි කණ්ඩායම 185 වන ස්ථානයේ පසු වන්නේ ශ්‍රී ලංකාවට වඩා ස්ථාන 15ක් ඉදිරියෙන් සිටිමින්.

2009 වර්ෂයේදී අවසන්වරට ශ්‍රී ලංකා කණ්ඩායම විසින් බෲනායි කණ්ඩායම පරාජය කර ඇත.

ඒ ගෝල 5-1 ක් ලෙස පහසු ජයක් ලබා ගනිමින්.

රටේ සියලුම පාසල්වලට සහ අධ්‍යාපන ආයතනවලට විශේෂ නිවේදනයක්

රටේ සියලුම පාසල්වලට සහ අධ්‍යාපන ආයතනවලට විශේෂ නිවේදනයක්