අද සිට දිවයිනට බලපැවැත්වෙන වායුගෝලීය තත්ත්වයක් දන්වා රටටම නිවේදනයක්
අද (01) දින සඳහා කාලගුණ අනාවැකිය කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවෙන් නිකුත් කර ඇත.
ඒ අනුව එහි දැක්වෙන්නේ අද (01) දින සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් බලාපොරොත්තු වන බවයි.
එසේම ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.
මේ අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව සඳහන්.
එමෙන්ම මධ්‍යම, සබරගමුව, ඌව, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයෙත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව සඳහන්.
තවද මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව වාර්තා වේ.