ඔක්තොම්බර් 1 ලෝක ළමා දිනය අදයි - රටේම ළමයින්ට සතුටු හිතෙන ලොකු තෑග්ගක්
ලෝක ළමා දිනය අද (01) දිනට යෙදී ඇති අතර මෙවර තේමාව වන්නේ, “මනසින් සවිමත් - දරුවන් පොහොසත්” යන්නයි.
ඒ අනුව ලෝක ළමා දිනය නිමිත්තෙන් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය විසින් ඉකුත් සැප්තැම්බර් මස 25 වන දින සිට ජාතික ළමා දින සතියක් ප්‍රකාශයට පත්කර තිබුණා.
එහිදී ළමුන් වෙනුවෙන් අර්ථවත් වැඩසටහන් රැසක් එහිදි ක්‍රියාත්මක වූ අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් එහි අවසන් වැඩසටහනක් අද පෙරවරුවේ පැවැත්වීමට නියමිතයි.
මේ අතර ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය ලෝක ළමා දිනය වෙනුවෙන් අදහස් දක්වමින් කියා සිටියේ ළමුන්ගේ අනාගත ලෝකය රැකගැනීමට දෙමව්පියන් කැපවී කටයුතු කළ යුතු බවයි.
එසේම ළමුන් සඳහා දෙමව්පියන් දිනකට සීමා නොවී වැඩි අවධානයක් යොමුකළ යුතුව ඇති බව රාගම වෛද්‍ය පීඨයේ ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස මහතා පවසයි.
තවද ලෝක ළමා දිනයට සමගාමීව අද දිනයේ දෙහිවල සත්වෝද්‍යානය සහ පින්නවල අලි අනාථාගාරය වයස අවුරුදු 12න් පහළ ළමුන් සඳහා නොමිලේ නැරඹීමට අවස්ථාව ලබා දී තිබෙනවා.
මේ අතර ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් චන්දන රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ, අද දිනයේ දෙහිවල සත්වෝද්‍යානය මඟින් ළමුන් වෙනුවෙන් විශේෂ වැඩසටහන් ද සංවිධානය කර ඇති බවයි.