කළුතර නාගොඩ අවන්හල් හිමිකරු සහ බිරිඳ වෙඩිතබා ඝාතනය කිරීමට ආධාර දුන් සැකකරුවෙකු මාට්ටු

Report

කළුතර, නාගොඩ ප්‍රදේශයේ පිහිටි අවන්හලක හිමිකරු සහ ඔහුගේ බිරිඳ වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර සහ අනුබල දුන් සැකකරුවෙකු කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (13) අත්අඩංගුවට ගෙන තිබේ.

ඉකුත් ඔක්තෝබර් 9 වැනිදා කළුතර දකුණ, ගල්ලස්ස ප්‍රදේශයේ පිහිටි අවන්හලක් තුළදී අදාළ වෙඩිතැබීම සිදුවූ අතර, එම ප්‍රහාරයෙන් එහි හිමිකරු මෙන්ම ඔහුගේ බිරිඳ ද ජීවිතක්ෂයට පත්විය.

වහාම ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල ඉහළට - නව මිල ගණන් මෙන්න

වහාම ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල ඉහළට - නව මිල ගණන් මෙන්න

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන සිදුකරන කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් ඊයේ සවස කළුතර ප්‍රදේශයේදී මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.

අත්අඩංගුවට පත්ව ඇත්තේ කළුතර දකුණ ප්‍රදේශයේම පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකි. වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අදාළ සැකකරු කළුතර දකුණ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබේ.

දිවයිනේ මේ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි

දිවයිනේ මේ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි