ශ්‍රී ලංකාවට ඇමරිකාවෙන් අනතුරු ඇඟවීමක්.

Government Sri Lanka American Mahinda Rajapakshe Gotabaya Rajapakshe Basil Rajapakshe Defence
By Aruna Jan 01, 2022 05:17 AM GMT
Aruna

Aruna

Report

ආරක්ෂක අංශ සොයා බැලීම් නවත්තන්නැයි දැනුම්දීමක් ජාත්‍යන්තර සංවර්ධන සඳහා ඇමෙරිකානු කාර්යාංශයේ (යූ.එස්.ඒඩ්) මෙරට ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධානවල ව්‍යාපෘති සඳහා එවන නිලධාරීන්ගේ ක්‍රියාකාරකම් ගැන අධීක්ෂණය කරන්නට ගියහොත් මින් ඉදිරියට මෙරටට ලබාදෙන ආධාර නවත්වන බව ශ්‍රී ලංකා රජයට අනතුරු හඟවා ඇත.

තවදුරටත් එම කටයුතුවල නිරතවන ඇමරිකානුවන් ගැන මෙරට ආරක්ෂක අංශ මගින් සොයා බැලීම් වහාම නවත්වන්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශයට දැනුම් දී ඇති බව එම අමාත්‍යාංශයේ ඉහළ පෙළේ නිලධාරියකු ප්‍රධාන පුවත් පතකට ප්‍රකාශ කර තිබෙනවා.

මෙම බලපෑම හේතුවෙන් තවදුරටත් වීසා ලබානොදී මෙරටින් යැවීමට සිටි එම සංවිධානයේ ඇමරිකානු නිලධාරියකුට තවත් වසරක් මෙරට රැඳී සිටීමට පසුගිය සතියේ වීසා ලබා දී ඇත.

මෙරට ආරක්ෂක අමාත්‍යාංශයේ හෝ විදේශ අමාත්‍යාංශයේ දැනුවත් කිරීමකින් තොරව මෙරටට පැමිණ සිටි mark Birnboum නමැති ඇමරිකානු හමුදා නිලධාරියකුට මීට මාස කිහිපයකට පෙර වීසා දීර්ඝ නොකර රටින් පිටව යාමට උපදෙස් දී තිබිණි.

මෙම ඇමරිකානු හමුදා නිලධාරියා ලංකාවට පැමිණීමට පෙර රාජ්‍ය යාන්ත්‍රණය අවුල් සහගත තත්ත්වයට පත් කරමින් මියන්මාරයේ සේවය කර ඇති බවත් මොහු සමග ඇමරිකානු හමුදාවේ සේවය කළ නිලධාරීන් කිහිපදෙනකුම රහසිගතව මෙරටට ඇතුළු වී ඇතැයි ඉහළ පෙළේ විමර්ශනයක දී තහවුරු විය.

ආරක්ෂක අමාත්‍යාංශයට නිරීක්ෂණය නොවන අයුරින් මෙම නිලධාරීන් වීසා ලබාගෙන ඇත්තේ පසුගිය රජය සමයේ අධිකරණ අමාත්‍යාංශය සමග ඇතිකරගත් එකඟතාවයක් පදනම් කරගෙන බව එම විමර්ශනයේ දී අනාවරණය විය.

රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ මහ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් රාජා ගුණරත්න මේ සම්බන්ධව ආරක්ෂක අමාත්‍යාංශයට කරන ලද පැමිණිල්ලක් මත විශේෂ විමර්ශනයක් ද ඇරැඹීය.

තවදුරටත් මෙරට රැඳී සිටීමට වීසා දීර්ඝ කිරීමට නම් යූ.එස්.ඒඩ්. නිලධාරියාට කොන්දේසි මාලාවක් මෙරටින් ඉදිරිපත් කර තිබූ අතර එය ඉටු නොකර රාජ්‍ය ත්‍රාන්තික බලපෑමකින් වසරකට වීසා දීර්ඝ කරගැනීම පසුගිය සතියේ කටයුතු කර ඇත.

මෙරටට විදෙස් ආධාර හා ප්‍රධාන තවදුරටත් ලබානොදන බවට අනතුරු හඟවා මෙම වීසා දීර්ඝය ලබාගෙන ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now