ශ්‍රී ලංකාවෙන් සුපිරි අභියෝගයක්..!
By Sewvandhi
නෙදර්ලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම් අතර පැවැත්වෙන 20/20 ලෝක කුසලාන පළමුවටයේ තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ට සිය පන්දු ඕවර 20 තුළදී කඩුලු 6ක් දැවී ලකුණු 162ක් රැස් කළේය.
ගීලොන්ග් හි පැවැත්වෙන එම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක පළමුවෙන් පන්දු පහරදීමට තීරණය කළේය.
ශ්‍රී ලංකා ඉනිම ඉහළට ඔසවා තබමනි අගනා ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් ලකුණු 79ක් රැස්කළ අතර ඔහුගේ ඉනිම සඳහා 6 පහර 5ක් සහ හතරේ පහර 5ක් ඇතුළත්විය.
චරිත් අසලංක පන්දු 30කට මුහුණ දෙමින් ලකුණු 31ක් රැස්කළ අතර භානුක රාජපක්ෂ ලකුණු 19ක් රැස්කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |