පළමු තරගයෙන්ම ශ්‍රී ලංකාවට ජය
By Sewvandhi
අද (30) සුපිරි 6 දෙනාගේ වටයේ එනම් එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර පැවැති තරගයේ ජයග්‍රහණය හිමි කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 47යි පන්දු 04ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කළේ ලකුණු 213ක් පමණි.
තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කාණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබුණි. ඒ අනුව තරගය ජයගැනීම සඳහා නෙදර්ලන්තයට හිමිවූ ඉලක්කය ලකුණු 214කි.
ලකුණු 214ක ඉලක්කය හඹාගිය නෙදර්ලන්තය පන්දුවාර 40ක් අවසානයේ කඩුළු සියල්ල දැවී ලබාගත්තේ ලකුණු 192ක් පමණි.
ඒ අනුව ශ්‍රී ලංකාව එම තරගය ලකුණු 21කින් ජය ගත්තේය.