හෙට පැවැත්වෙන තීරණත්මක අවසන් තරගයට බංගලියන්ගේ ප්‍රබලයෙක් අහිමිවෙයි - ඇසෙන අලුත්ම පුවත..
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ශ්‍රී ලංකා-බංග්ලාදේශ තුන්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය තවත් ප්‍රබල ක්‍රීඩකයෙකුට අහිමිව ගොස් ඇති බවයි.
මෙලෙස ආබාධ තත්ත්වයක් හේතුවෙන් අවසන් තරගය අහිමිව ගොස් ඇත්තේ බංග්ලාදේශ වේග පන්දු යවන ක්‍රීඩක ටන්සිම් හසන්ටය.
එරට ක්‍රිකට් ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, අද පැවති පුහුණු සැසියකදී ඔහු පාදයේ ආබාධයකට ලක්වී ඇති බවයි.
ඒ අනුව හෙට පැවැත්වෙන තරඟය ක්‍රීඩා කිරිම සදහා ඔහු සුදුසු ශාරීරික යෝග්‍යතා මට්ටමක නොමැති බවට වෛද්‍යවරුන් සදහන් කර තිබේ.
මේ අතර, ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය අද පෙරවරුවේ ආබාධයකට ලක්වීම හේතුවෙන් ශ්‍රි ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුශංක හට ද හෙට පැවැත්වෙන තුන්වන එක්දින තරගය අහිමි වන බව නිවේදනය කළේය.
තරග තුනකින් සමන්විත ශ්‍රි ලංකා - බංග්ලාදේශ එක්දින තරගාවලිය මේ වනවිට තරග 1-1ක් ලෙස කණ්ඩායම් දෙකම සම තත්ත්වයේ පවතින අතර තීරණාත්මක අවසන් තරගය හෙට පැවැත්වීමට නියමිතය.
