කොවිඩ් වැළඳුනු පාසල් සිසුන් ගෙන් රතු එළියක්..මුළු රටම යළි වහන්න වෙයි?..
කොරෝනා වැළඳුනු පාසල් සිසුන් සංඛ්‍යාව ඉහළ යාමත් සමග ඉදිරියේදී රට තුල කොරෝනා ආසාදිතයින් ඉහළ යා හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කළා.
එසේ වුවහොත් යළි සංචරණ සීමා පැනවීමට සිදු වනු ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ. මේ වන විට මෙරට කොරෝනා වැළඳුනු සමස්ත අසාදිතයින් සංඛ්‍යාව 552,994ක් වන අතර, මරණ 14,034 ක් වාර්තා වී තිබෙනවා.
මේ අතර, වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට කොරෝනා මර්දන බූස්ටර් එන්නත් මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදීම අද ආරම්භ කෙරුණේ, බස්නාහිර හා දකුණු පලාත්වලින් සහ අනුරාධපුර හා අම්පාර දිස්ත්‍රික්කවලින්. මීට පෙර පළමු පෙළ කොරෝනා රාජකාරිවල නිරත පිරිස් සදහා බූස්ටර් එන්නත ලබාදීම සිදු කෙරුනා.
රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දිපාල් පෙරේරා සඳහන් කළේ, කොරෝනා වැළඳුණු ලමයින් මෙන්ම, ඩෙංගු වැළඳුණු ළමයින්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
