වාහනයක් ගන්න හීන දැකපු අයට සුබ ආරංචියක්..අගමැතිගෙන් ප්‍රකාශයක්.

Sri Lanka Parliament Mahinda Rajapakshe Vehicle tax Thissakutti arachchi
By Aruna Oct 25, 2021 08:16 AM GMT
Aruna

Aruna

Report

අගමැති කැමැත්ත විමසීමේදී ඇතැම් මන්ත්‍රීවරු අත් දෙකම උසස්ලා වාහනයක් මිලදී ගැනීම සදහා යළිත් වතාවක් තීරුබදු රහිත බලපත්‍ර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කොට ඇතැයි වාර්තා වේ.

අගමැතිවරයා මේ බව ප්‍රකාශ කොට ඇත්තේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(24) ජනාධිපති මන්දිරයේ පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී යි.

තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා කණ්ඩායම් රැස්වීමේදී කියූ කතාවක් අගමැතිවරයාගේ මෙම ප්‍රකාශයට හේතු වී ඇත.

තමන් ඇතුලු කණ්ඩායම වාහනයක් පවා නොමැතිව ආණ්ඩුව ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන බව තිස්ස කුට්ටිආරච්චි කියා ඇත.

ඉකුත් වතාවකදී රටේ පවතින ආර්ථික අර්බූදය හමුවේ තමන්ට වාහන අවශ්‍ය නැති බවට මන්ත්‍රීවරුන් ප්‍රකාශ කොට තිබීම නිසා වාහන ලබා දීමට පියවර නොගත් බව මෙහිදී අගමැතිවරයා පවසා ඇති අතර වාහන අවශ්‍ය නැතැයි කියන මන්ත්‍රීවරුන්ට අත් ඔසවන ලෙස කියා ඇත.

එහිදී කිසිදු මන්ත්‍රීවරයකු අත් ඔසවා නැත.

පසුව වාහන අවශ්‍ය බව කියන මන්ත්‍රීවරුන්ට අත් ඔසවන ලෙස කියා ඇති අතර එහිදී සියලුම මන්ත්‍රීවරුන් අත් ඔසවා ඊට ප්‍රතිචාර දක්වා ඇත.

මෙහිදී ඇතැම් මන්ත්‍රීවරුන් දෑතම ඔසවා ඇති බවද දැනගන්නට තිබේ.

ඒ අනුව අගමැතිවරයා සදහන් කොට ඇත්තේ එසේ නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට යළිත් වතාවක් වාහන බලපත්‍රයක් ලබා දීමට ඉදිරියේදී කටයුතු කරන බවකි.

අගමැතිවරයා‌ගේ මේ ප්‍රකාශයක් සමග සියලුම මන්ත්‍රීවරුන් අත්පොලසන් දී ඊට සතුට පළ කොට ඇති බවද ආරංචි මාර්ග පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now