සුනාමියකට බියෙන් විශාල පිරිසක් ගොඩබිමට දුවයි...සවස 5.30 දක්වා අනතුරු අඟවයි

Tsunami Sri Lanka Weather Moratuwa Agulana
By Aruna Sep 12, 2021 03:20 AM GMT
Aruna

Aruna

Report

සුනාමියක් ඇති වෙන්නේ යැයි බියට පත්වී මොරටුව අගුලාන ජනතාව අද අළුයම වෙරළාසන්න තීරයෙන් ගොඩබිම දෙසට දිව ගොස් ඇතැයි පොලිසිය කියයි.

බස්නාහිර වෙරලේ මුහුදේ රළ උස්වන්නේ යයි කාලගුණ දෙපාර්තමේන්තුවෙන් සිදුකරන ද ප‍්‍රකාශයක් මත කිසිවෙකු විසින් සුනාමියක් ඇති වේ යැයි අසත්‍ය ප්‍රකාශයක් ගෙන ගොස් තිබිණි.

පොලිසිය සඳහන් කරන්නේ මෙය කිසියම් අයෙකු ගෙනගිය අසත්‍ය ප්‍රකාශයක් බවයි.

මේ වන විට අඟුලාන ප්‍රදේශයේ තත්වය පාලනය කර ඇති අතර සුනාමි තත්ත්වයක් නොමැති නිසා නිවසේම රැඳී සිටින්න පොලිසිය විසින් දැනුවත් කර තිබේ.

මේ අතර මුහුදු රළ ඉහළ යාම සහ ගොඩබිමට මුහුදු රළ පැමිණීම පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

ඒ අද (12) පස්වරු 5.30 තෙක් වලංගු වන ආකාරයෙන්.

නිවේදනය නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියාසිටියේ කොළඹ සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළට ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.0ක් 2.5ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින බවයි.

කෙසේවෙතත් මෙය ගොඩබිමට පැමිණෙන රළවල උස නොවන බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.

මෙම තත්වය මත මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතින අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වීමේ හැකියාවක් ද පවතිනවා.

ධීවර සහ නාවුක ප්‍රජාව මෙන්ම වෙරළාසන්නයේ ජීවත්වන ජනතාව මේ පිළිබඳ ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha