ලෝක පුදුම හතෙන් එකට සුනඛ ප්‍රශ්නයක්!!!
ලෝක උරුමයක් වන සීගිරිය පිහිටා ඇති සීගිරිය නව නගරයේ සංවර්ධන කටයුතු සිදු නො වීම හේතුවෙන් එය විනාශ වෙමින් පවතින බව ප්‍රදේශවාසීන් පවසනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ, සීගිරිය ආශ්‍රිතව සුනඛ ගහණය අධික වීම හේතුවෙන් දෙස් විදෙස් සංචාරකයන් දැඩි අපහසුතාවකට මෙන්ම තර්ජනයකට ලක්ව ඇති බවයි. මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ පවතින සීගිරිය වෙත පැමිණෙන දේශීය සංචාරකයන්ගෙන් රුපියල් 100ක ගාස්තුවක් අය කෙරෙන අතර විදෙස් සංචාරකයෙකුගෙන් සීගිරිය නැරඹීම සඳහා අය කෙරෙන ගාස්තුව ඩොලර් 30ක්.
කෙසේ වෙතත් එලෙස මුදල් ගෙවා පැමිණෙන සංචාරකයින්ට සුනඛයන්ගෙන් බේරී ගමන් කිරීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදු ව තිබෙනවා.
එමෙන්ම ඔවුන්ට රථ වාහන ගාල් කිරීම, ආහාර සහ ජලය ලබා ගැනීම මෙන්ම වැසිකිලි පහසුකම් ලබා ගැනීමේ දී ගැටලු රැසකට මුහුණ දීමට සිදු ව ඇති බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ. මධ්‍යම සංස්කෘතික අරමුදලේ සීගිරිය ව්‍යාපෘති කළමනාකරු උපුල් ශාන්තගෙන් අප කළ විමසීමකදී ඔහු කියා සිටියේ, සීගිරිය නව නවගරෙය් පරිපාලන කටයුතු මේ වනවිට දඹුල්ල ප්‍රාදේශීය සභාවට පවරා දීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි.
කෙසේවෙතත් දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති කේ.ජී.සෝමතිලක කියා සිටියේ, පරිපාලන කටයුතු මෙතෙක් නීත්‍යානුකූලව පවරා නො මැති බැවින් ප්‍රාදේශීය සභාවට සීගිරිය නව නවනගරයේ සංවර්ධන කටයුතු සිදු කිරීමට හැකියාවක් නො මැති බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |