ශ්‍රී ලංකා රජය සිංගප්පූරුවට එරෙහිව නඩු දායි.
සිංගප්පූරු බේරුම්කරණ අධිකරණය හමුවේ නඩු පැවැරීමට ශ්‍රී ලංකා රජය තීන්දු කර තිබෙනවා.
ඒ, එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් මෙරට පරිසර පද්ධතියට වූ හානියට එම නෞකාව හිමි සමාගම තවමත් වන්දි නොගෙවීමට එරෙහිවයි.
ගණනය කළ නොහැකි හානියක් මෙයින් සිදුව ඇතත් යම් සීමාවකින් අදාළ වන්දි මුදල තීන්දු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂට පසුගියදා උපදෙස් දී තිබෙනවා.
මේ සම්බන්ධව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක විසින් පසුගිය සතියේ නීතිපති සංජය රාජරත්නම් මුණ ගැසී සාකච්ඡා කර තිබුණා.
වන්දි අය කර ගැනීමට අදාළව වාර්තාවක් යොමු කිරීමෙන් පසුව ජනාධිපතිවරයා විසින් අධිකරණ අමාත්‍යවරයා වෙත මෙම උපදෙස් ලබා දෙනු ලැබුවා.
සිංගප්පූරු බේරුම්කරණ අධිකරණය හමුවේ නඩු පැවැරීමට අදාළව කැබිනට් පත්‍රිකාවක් යොමු කරන ලෙස ද ජනාධිපතිවරයා එහිදී අධිකරණ ඇමතිවරයා වෙත උපදෙස් දුන්නා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |