අද අහස උසට ගිය කොටස් වෙළෙඳපොළ
ඊයේ (07) දිනයේ සිදු වූ අසාමාන්‍ය ගනුදෙනු නිසා අත්හිටුවා තිබූ කොටස් වෙළෙඳපොළ කටයුතු යළි ආරම්භ වූ අතර, එය අද (08) දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය (ASPI) වර්ධනයක් සටහන් කිරීමට සමත් වූ බව වාර්තා වේ.
ඒ අනුව, සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 23,527.13 ක් වශයෙන් සටහන් විය.
එය ඊයේ දිනයට සාපේක්ෂව ඒකක 233.28 ක (1%) ඉහළ යාමක් වේ.
එසේම දෛනික පිරිවැටුම ලෙසින් අද දිනය තුළ රුපියල් බිලියන 12.3 ක පිරිවැටුමක් වාර්තා වී ඇත.