’ඔමික්‍රොන්’ පෙනහළුවලට කරන බලපෑම අඩුයි.

#Sinhala news in sri lanka#today sinhala news#Covid 19#Covid 19 omicron mutation does not damage the lungs#Hot news###
By krishani Jan 05, 2022 04:12 AM GMT
krishani

krishani

Report

'කොවිඩ් 19 ඔමික්‍රෝන්' විකෘතිය සෙසු විකෘති මෙන් බරපතල රෝගාබාධ ඇති නොකරන්නේ එය පෙනහළුවලට බලපෑමක් නොකරන නිසා යැයි හොංකොං විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පර්යේෂකයන් කණ්ඩායමක් අනාවරණය කර තිබේ.

'කොවිඩ් 19' මුල් වයිරසය සහ ඉන්පසු බිහිවුණු සෙසු විකෘති වයිරස සියල්ල පෙනහළුවලට බලපෑම් ඇති කරන අතර, බොහෝ දෙනකු 'කොවිඩ් නියුමෝනියා' රෝගී තත්ත්වයෙන් මියයයි.

කෙසේ නමුත් පවතින විකෘති සහ අලුත් විකෘති රැසක් මුසුවීමෙන් නිර්මාණය වූ 'ඔමික්‍රෝන්' විකෘති වයිරස ප්‍රභේදය පෙනහළුවලට කරන බලපෑම අවම බැවින්, 'ඔමික්‍රෝන්' ආසාදිතයන් රෝහල්ගත කිරීමට සිදුවන අවස්ථා ද අවම බව හොංකොං වෛද්‍ය පර්යේෂකයෝ පෙන්වා දෙති.

පෙනහළුවලට බලපෑමක් නොකළත්, 'ඔමික්‍රෝන්' විකෘතිය සිරුරට ඇතුළු වූ පසු ස්වසන පද්ධතියේ නාසය ඇතුළු ඉහළ කොටස්වල රැඳී පවතී. ඒ නිසා, 'ඔමික්‍රොන්' සෙසු 'කොවිඩ් 19' විකෘතිවලට වඩා (විශේෂයෙන් ඩෙල්ටා විකෘතියට) වඩා සියයට 70 ගුණයකින් සිරුර තුළ පිටපත් නිර්මාණය කිරීම සහ වයිරසය සෙසු අයට බෝ වීමට ඇති ඉඩ වැඩිය.

'ඔමික්‍රෝන්' විකෘතිය ඉතාමත් වේගයෙන් සමාජයේ ව්‍යාප්තවීම සිදුවන්නේ මේ නිසා බව හොංකොං වෛද්‍ය පර්යේෂකයන් තහවුරු කර තිබේ. මේ වනවිට 'ඔමික්‍රෝන්' විකෘතිය සෙමින් සෙමින් 'ඩෙල්ටා' විකෘතිය පසු කරමින් ලොව ප්‍රධානතම 'කොවිඩ් 19' විකෘතිය බවට පත්වෙමින් තිබේ.

යුරෝපා රටවල සහ ඇමෙරිකාවේ 'ඔමික්‍රෝන්' විකෘතිය දරුණු ලෙස ව්‍යාප්ත වෙයි. ප්‍රංශ සෞඛ්‍ය අංශ අනුව, එරට ප්‍රධානතම 'කොවිඩ් 19' ප්‍රභේදය බවට පත්වී ඇත්තේ 'ඔමික්‍රෝන්


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now